ජිවිතය
ගිණි කාෂ්ටක අව්වේ දුවිලි දුම පිරුනු පිටකොටුව පුරාම පැය ගානක් ඇවිද්දා
දහයෙ විස්සෙ කෑලි වල ඉඳන් අද ජපානෙන් ගෙන්නපු ඒවත් හැම තැනම ඒත් ඒ එකකටවත් නෙවෙයි හිත දුවන්නෙ
විසිවෙනිද ටෙලර් මැෂින් එකෙන් එක්වරම හිස් කරපු මාරුකාසි විතරක් ඉතිරිකරපු බැංකු ගිනුමට,,,,, එහෙම නැත්නම් මුදල් නැතත් බැංකු වලින් දීපු කාර්ඩ් වලින් පිරුන ඒත් කලෙකින් නිල්කොල දැකපු නැති පර්ස් එකට
"ඔයි කොහෙද ඔයි යන්නෙ"
ලොරියක බඩු කරට ගත්තු ගිනස් පොතට නම දාගන්න බැරිවුනු කේන්තියට මට කෑගහපු නාට්ටාමියා මාවත් තල්ලුකරගෙන නොපෙනි ගියා
මේ පිටකොටුව අසිහියෙන් ඇවිදින්න හොඳ තැනක් නෙවියි කියල දැන දැනත් හැමදෙනාම මෙලොසිහියක් නැතිව දුවනව,,,,,,,,,,,,,,,,,,,
මේ පිටකොටුවෙ ගෙවෙන වරුවක් වගෙ අපේ ජිවිතත්, ඉටුනොවන ඇසට පෙනෙන ඒත් ලන්කරගන්න බැරි බලපොරොත්තු ගොඩක් එක්ක ඔහේ ගෙවිල යනවා
"සයිඩ් සයිඩ් අයින් වෙනව ඕයි..............."
ජිවිතය- සමින්ද 02.12.2010
No comments:
Post a Comment