Make a Diference

Thursday, January 20, 2011

හිත

හිත


පෑන අතට ගත්තෙ ලියන්න එත් හිත ඒකට අවසර දෙන්නෙනෑ

දිගින් දිගටම උත්සහ කරලා අන්තිමෙදි මගෙ හිතත් පෑනත් එකඟතාවයකට පැමිනියා

හිතට දැනෙන දෙ හිතට එකඟව අකුරු කරන්න පෑන එකඟ උනා

අධ්‍යක්ෂකවරයෙක් ටෙලිනට්ට්‍යයක් හදනකොට ඒකට නිෂ්පාදකට ඔනෙ කරන නම දානව වගෙ මගෙ කථාවටත් හිතකියල නම දාන්න හිත අතට බලකෙරුව

හිත කියන්නෙ මහ පුදුම දෙයක් අඇත්තටම ඒකටමද සිත කියල කියන්නෙ මන්ද සිත කියන්නෙ සිතුවිලි වලට කියල හැමොම දන්නව එත් එ සිතුවිලි උපදින්නෙ හිතෙන් නෙද


හිත තියෙන්නෙ කොහෙද කියල ඔනෙම කෙනෙකුගෙන් ඇහව්වොත් පපුවට අත තියල පෙන්නාවි එත් එතන තියෙන්නෙ හදවතනේද

එතකොට මෙ දෙන්නමත් එක්කෙනෙක්ද

ඒත් ඒ දෙන්නම එක්කෙනෙක් නම් හිත කොහොමද හදවත තියෙන මනුස්සයෙක්ව දාල ඈතට ඈත්ට යන්නෙ

කතාව දුර යනව විතරයි මම තවම ලියන්න ගත්ත තැනමයි

හිතට ඇස් තියනවද මම නම් කියන්නෙ හිත අන්දයි ඔබ ඒකට එකඟ නොවෙන්න පුලුවන් ඒත් මගෙතිරනය අවසාන තිරනය, මොකද මමනෙ මේක ලියන්නෙ

හිතට දකින්න පුලුවන්නම් ඇත්ත ඇතිසැටියෙන් දැකල තෙරුම් අරගෙන අපි හුඟ දෙනෙක් අදවෙනකොට මේ සසරින් එතෙර වෙලා

ඒකය් මම කියන්නෙ හිත අන්දයි කියල. ඉවක් බවක් නැතිව එහෙ මෙහෙ ඇවිදිනව.... සමහර වෙලවට ලස්සනදෙ ලඟ නවතිනව එත් ඇත්තටම ඒව ලස්සන නැ ඒත් හිත රැවටෙනව මොකද හිතට ඇස් නැහැ ඒවගෙම නියම ස්වරුපය දකින්න හැකියාවකුත් නැහැ.

ඉතින් ඒ ලස්සන ලඟ නැවතුන හිත ලස්සන ලෝක මවනව ඒ ලෝක බලපොරොත්තු කියල කියන හීන වලින් පුරවනව අන්තිමේට ලෝකය හිසමත කඩවැටිල..

ඔලුව අතගාල බලනකොටයි ඒක දැනෙන්නෙ

ඒත් ඇයි මම හිතගැන ලියන්න අරගෙන හිතටදොස් කියන්නෙ මලගෙදරක ගිහිල්ල මරුන කෙන ගැන කතා කරනව වගෙ හොද විතරක් කියන්න ඇයි බැරි

මේ සුවිසල් ලෝකය තුල පුන්චි මිනිසෙකු වෙලා ඉපදුනු හැමොටම ලඟාකරගන්න බලපොරොත්තු අර්මුනු ඇතිකරල දුන්නෙ මේ හිත....

ඒ බලපොරොත්තු කඩාවැටෙනකොට දිරිය දීල අපිව නැගිට්ටුවෙත් ඒ හිතමයි

ඒත් සමහරුන්ගෙ බලාපොරොත්තු අරමුනු වලට කලින් හිත කඩා වැටෙනව ඉට පස්සෙ අරමුනු ගැන මොන කතාද

මේවිදිහට දිගින් දිගටම ලියන්න ගියොත් බලන කෙනෙකුට හිතෙයි මම හිතට වහල් වෙල ලියනව කියල ඒත් අන්තිමට ඒකදෙයක් ගැනලියන්න පුලුවන් හිත සනීපෙන් නිරොගීව තියාගන්න පුලුවන්නම් අපිට හැමදාම සතුටින් ඉන්න පුලුවන්..................................